දවසේ ලිනක්ස් කමාන්ඩ් එක command 001 (alias)

ලිනක්ස් ගැන තියන tutorials බලන්න මෙහාට එන්න.

දවසේ ලිනක්ස් කමාන්ඩ් එක command 001 (alias)

Postby root » Fri Jan 03, 2014 11:08 pm

ඔන්න පලවෙනිම කමාන්ඩ් එක

alias

Key

-p Print the current values

-a Remove All aliases


alias කියන එකේ තේරුම අන්වර්ථ නාමය කියල හැමෝම දන්නවනෙ. අපිට මේකෙන් පුලුවන් අනෙකුත් ලිනක්ස් කමාන්ඩ් වලට අන්වර්ථ නාමයක්,කෙටි නමක් එහෙම දාගන්න. options ගොඩක් තියන දීග කමාන්ඩ් එකකට කෙටි යෙදුමක් යොදාගන්න.

alias ගෙ විරුද්ධ පදය තමයි unalias කියන එක. මේකෙන් අපට පුලුවන් අපි කලින් හදාගනිපු alias එකක් ඉවත් කරල දාන්න. ඔයාලට දැනටම ඔයාලගෙ computer එක තුල හැදිල තියන alias ටික බලා ගන්න පුලුවන් tarminal එකේ alias කමාන්ඩ් එක run කිරීමෙන්.

මෙන්න මේ උදාහරණ ටික බලන්න පහළ තියන

alias එකක් නිර්මාණය කිරීම
alias ls="ls -al"
ls කමාන්ඩ් එක -al සමග බද්ධ කරල හදපු කමාන්ඩ් එක ls කියන alias එකට assign කරල තියන හැටි පේනව නේද ? දැන් ls කමාන්ඩ් එක run කරහම ls -al ට අදාල කාර්‍ය තමයි ටර්මිනල් එකේ පෙන්නන්නෙ.

ඒලියස් එක අයින් කරන්නෙ මෙන්න මෙහෙම

unalias ls

මේකෙන් තව හොදට පැහැදිලි වෙයි

alias lol ='sudo apt-get install'

sudo apt-get install කොටස වෙනුවට lol හාවිතා කරන්න පුලුවන් මේ වගේ sudo lol phpmyadmin

තව උදාහරණ
001

gedit /etc/httpd/conf/httpd.conf

alias a="gedit /etc/httpd/conf/httpd.conf"

a

002

alias p="pwd"; l="ls -al"

003

alias l='ls -al /etc'

004

alias ....='cd ../../..'

හොදට තේරෙන්න ඇති කියල හිතනව. ඔයාල දන්න දේවල් තියනව නම් තව දාන්න. අදට අපි ගියා හෙටත් මුන ගැහෙමු.
  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: දවසේ ලිනක්ස් කමාන්ඩ් එක command 001 (alias)

Postby root-user » Tue Sep 09, 2014 7:34 am

hoda ekak :)
  • 0

root-user
 
Posts: 5
Joined: Sun Sep 07, 2014 6:57 am
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to Linux Tutorials

Who is online

Users browsing this forum: No registered users and 1 guest