
නාස් පෙට්ටියක් කිව්වෙ NAS BOX කියන එකටයි නාස් කියන එක දිග ඇරල ගත්තොත් ඒකෙ තේරු Network-attached storage කියන එක.නමෙන්ම මේකෙ තේරුම තේරුම් ගන්න පුලුවන් කියල හිතනව.

අපි හිතමු මෙහෙම අපේ ගෙදර තියෙනව කම්පියුටර් කිහිපයක් ඒව ඔක්කොම නෙට්වර්ක් කරල තියෙනව කියලත් හිතමු. එතකොට එක කම්පියුටර් එකක තියෙන files ටිකක් තව කම්පියුටර් එකකින් බලන්න files ටික තියෙන කම්පියුටර් එක වගේම ඒක බලන්න යන කම්පියුටර් එකත් ඔන් එකේ තියෙන්න ඕන.හැබැයි මේ ඔක්කොම කම්පියුටර් වල තියෙන අපට නිතරම අවශ්‍ය files ටික එකම පොදු තැනක තියෙනවනම් අපට ඒ ගැටලුව වෙන්නෙ නෑ. අන්න ඒ වගේ storage එකකට තමයි nas එකක් කියල කියන්නෙ. මේක network එකකට සම්බන්ධ කරහම අපට පුලුවන් ඒකට files දාන්න හා ඒකෙන් ගන්න.windows,unix හා apple shares ආකාරයට share කරගන්නත් පුලුවන්.user groups වලට permissions හදන්න එහෙමත් පුලුවන්.
කොටින්ම කිව්වොත් අපේ ලට්ට ලොට්ට ඔක්කොම දාල තියන්න පුලුවන් storage එකක්.
මම ඊළඟට කියන්නම් මෙහෙම එකක් හදාගන්න ආකාරය.
මුලින්ම හොයාගන්න වැඩකරන පරණ කම්පියුටර් කටුවක් මොනිටරයක් අවශ්‍ය වෙන්නෙ nas os එක install කරගන්නකම් විතරයි.
512 විතර Ram එකක් තිබුනාම ඇති. (වැඩි නම් වඩා හොඳයි).
හාර්ඩ් ඩිස්ක් ප්‍රමාණය ඔයාලට අවශ්‍ය තරම් එක්කරගන්න.
දැන් nas os එක ඉන්ස්ටෝල් කරගන්න ඕන.
http://www.freenas.com
උඩ තියන ලින්ක් එකට ගිහින් nas os එක download කරගන්න.(150mb වලට වඩා අඩුයි)
දැන් පොඩි කොස්සක් තියෙනව.අපි හිතමු අපි අටවගනිපු computer කටුවෙ තියෙන්නෙ 320Gb හාර්ඩ් ඩිස්ක් එකක් කියල මේකට නාස් එක ඉන්ස්ටෝල් කරොත් මේ 320GB ම අපට නැති වෙනව





මේකට තියන හොඳම විසඳුම මේ නාස් os එක ඉන්ස්ටෝල් කරන්න ඕන පොඩි storage එකකට



දැන් download කරගනිපු image එක cd එකකට burn කරගන්න. එහෙම නැත්තම් වෙන pen ඩ්‍රයිව් එකකට bootable ආකාරයට ස්ථාපිත කරන්න.
bootable pen ඩ්ර්යිව් හදාගන්න. http://www.pendrivelinux.com/
දැන් මේ පෙන් එක හෝ සීඩී එක boot කරගන්න.
1.මෙහෙම එකක් පෙනේවි මෙතනින් 1 වෙනි එක Boot freeNAS [defaults]

2.මේකෙත් පළවෙනි එක.

3.මෙතනින් තමන්ගෙ පෙන් ඩ්‍රයිව් එක තෝරගන්න.

4.මේකත් yes කරන්න(අදාල පෙන් එකේ තියන ඔක්කොම අයින් වෙනව)

5.දැන් ටිකක් වෙලා බලන් ඉන්න.

6.වැඩේ හරියට උනා නම් මෙහෙම එකක් පෙන්නාවි මේකත් ok කරන්න.

7.අන්තිමට ඔයාලට මෙහෙම එකක් දකින්න ලැබේවි ඔයාලගෙ නාස් එක නෙට්වර්ක් එකට සම්බන්ධ කරල ඔතන පෙන්නන ip එක (192.168.0.7) ඔයාලගෙ නෙට්වර්ක් එකේ වෙබ් බ්‍රව්සර් එකක ගහල බැලුවහම පහල තියන වගේ එකක් පෙනේවි.

8. මේක තමයි නාස් එකේ වෙබ් ඉන්ටර්ෆේස් එක.

9.කතන්දරේ ඔච්චරයි. දැන් වෙබ් ඉන්ටර්ෆේස් එකෙන් share කරන වැඩ කරගන්න. ගැටලු තියනව නම් comment එකක් දාන්න.
