
ගොඩක් දෙනෙක් මේ ගැන දන්නෙ නැති වගේ දැනුන නිසා තමයි මේක ලියන්න හිතුනෙ.
අපි බලමු මොකද්ද මේ KVM box කියන්නෙ කියල. සරලවම කියනව නම් මේකෙන් අපට පුලුවන් කම්පියුටර් සිස්ටම් කිහිපයක් එකම monitor,mouse,keybord වලින් use කරන්න. මෙහෙම හිතමු ගෙදර තියෙනවා Desktop computer එකක් හා server computer එකක් අපි desktop එකේ වැඩ කර කර ඉන්න ගමන් එකපාරටම server එකේ වැඩක් කරන්න වෙනව එතකොට සෙවර් එක තියන තැනට ගිහින් ඕනනෙ ඒ වැඩේ කරන්න. නමුත් අපි kvm box එකක් use කරනව නම් එහෙම කරදර වෙන්න ඕන නෑ එක button එකක් ප්‍රෙස් කරල machine දෙක මාරැ කරන්න පුලුවන්.
මමත් ඔය e-bay එකෙන් රුපියල් 600 විතර දීල 2 port KVm එකක් ගෙන්න ගත්ත හැබැයි මෙලෝ රහක් නෑ වැඩ නම් කරනව නමුත් ස්ක්‍රින් එකේ ඉරි යනව පොඩ්ඩක් විතර කොහොම උනත් හොඳ එකක එහෙම වෙන එකක් නෑ කියල හිතනව.
මේ තියෙන්නෙ ඒක කේබල් සෙට් එක නම් වෙනමම ගන්න වෙනව.

මීට වඩා advanced kvm Box තියෙනව. usb , sounds වගේත් divide කරන්න පුලුවන්, ඒ වගේ බොක්ස් වලින්. පහල තියෙන්නෙ එහෙම එකක පින්තූරයක්.

එහෙනම් කට්ටියට යම් අදහසක් ලැබෙන්න ඇති කියල හිතනව.