
අපි බලමු කොහොමද ubuntu වලට apache server එක ඉන්ස්ටෝල් කරන විදිය ගැන.
ටර්මිනල් එකේ මේ කමාන්ඩ් එක රන් කරන්න.
sudo apt-get install apache2
ඉන්ස්ටෝල් වෙලා ඉවර උනහම වෙබ් බ්‍රව්සර් එක ඔපන් කරල localhost කියන එක ඇඩ්ඩ්‍රස් එක යොදන තැනට ගහල බලන්න පහල තියෙන රූපෙ විදියට එනව නම් වැඩේ සාර්ථකයි. localhost වෙනුවට 127.0.0.1 උනත් යොදන්න පුලුවන්.apache server එකට අදාල www ෆෝල්ඩර් එක තියෙන්නෙ file system එකේ /var කියන folder එක ඇතුලෙ.
