ප්‍රොක්සියක් හදාගමු

ප්‍රොක්සි ගැන

ප්‍රොක්සියක් හදාගමු

Postby root » Tue Jul 16, 2013 9:53 pm


Image

මම දැන් කියන්නම් කොහොමද ප්‍රොක්සියක් හදා ගන්නෙ කියල. මුලින්ම ප්‍රොක්සි සේවරයක් ඉන්ස්ටෝල් කරගන්න ඕන.
මම යුස් කරන්නෙ squid කියන සේවර් එක මේක නොමිලේ දෙන එකක් පහල තියෙනවා වෙබ් අඩවිය

http://www.squid-cache.org/

මම මේ වැඩේ කරන්න යන්නෙ උබුන්ටු වල මේක අනිත් os වලටත් දාගන්න පුලුවන්.

1. පහල තියෙන කමාන්ඩ් දෙකෙන් පුලුවන් ලේසියෙන්ම ඉන්ස්ටෝල් කර ගන්න.

sudo apt-get update
sudo apt-get install squid squid-common

2.දැන් අපි සේවර් එක කන්ෆිග් කරගන්න ඕන අපට ඕන විදියට.

මේකෙ config ෆයිල් එක තියෙන්නෙ /etc/squid ෆොල්ඩර් එක තුල, අපි එක දැන් gedit editor එකෙන් ඔපන් කරගමු.පහල තියෙන කමාන්ඩ් වලින් ඒක පුලුවන්.ආ.... ඔක්කොටම කලින් කන්ෆිග් file එකේ backup එකක් ගන්න.

sudo cp /etc/squid3/squid.conf /etc/squid3/squid.bak

දැන් file එක ඕපන් කර ගන්න.

sudo gedit /etc/squid3/squid.conf

මෙතන squid3 කියන්නෙ squid version එක. ඔයාලගෙ version එක බලල දාගන්න

ඊළඟට අපි දැනගන්න ඕන අපේ ip ඇඩ්‍රස් එක ඒක දැනගන්න ටර්මිනල් එක අරගෙන ifconfig කමාන්ඩ් එක රන් කරන්න දැන් eth0 වල හෝ ඩොන්ගල් එකකින් ඉන්ටර්නෙට් යනව නම් ppp0 වල තමන්ගෙ ip එක දැකගන්න පුලුවන්.

අපේ ප්‍රොක්සිය වැඩ කරනවද කියල බලාගන්න ක්‍රමයක් තියනව මුලින්ම firefox ඔපන් කරල

Edit > Preferences, Advanced > Network Tab > Connection-Settings:
Manual Proxy Configuration:
වලට ගිහින් HTTP Proxy කියන තැනට අපි කලින් බලා ගනිපු ip ඇඩ්ඩරස් එක යොදන්න.port එක 3128 ලෙස දෙන්න. 3128 කියන්නෙ squid වල default port එක.

3. දැන් config file එකේ තැනක තියෙනව
# TAG: visible_hostname
කියල ලයින් එකක් ඒකට යටින් මෙහෙම ලියන්න.
visible_hostname myproxy
# එක නැති වෙන්න ඕන myproxy කියන එකට කැමති නමක් දෙන්න.

4. දැන් මේක වැඩකරනවද බලන්න ඕන config file එක සේව් කරල proxy server එක restart කරන්න ඕන.
මේ කමාන්ඩ් එකෙන් stop,restart,status තුනම කරන්න පුලුවන් මම දැන් සේවර් එක start කරනව.

sudo service squid3 restart හෝ sudo /etc/init.d/squid3 restart

5. දැන් firefox ගිහින් google.com වලට යන්න.

6. එහෙම යන්න බැරි නම්, මෙහෙම පේනව නම් වැඩේ හරි.

Image

ප්‍රොක්සියෙන් ඉන්ටර්නෙට් බ්ලොක් කරන එක වෙනස් කරගන්න පුලුවන්. ආයෙමත් config file එකට ගිහින්
ඒකෙ තියෙනව
#http_access allow localnet

කියන ලයින් එකේ # එක අයින් කරන්න.

#acl localnet src 10.0.0.0/8 # RFC1918 possible internal network
#acl localnet src 172.16.0.0/12 # RFC1918 possible internal network
#acl localnet src 192.168.0.0/16 # RFC1918 possible internal network
#acl localnet src fc00::/7 # RFC 4193 local private network range
#acl localnet src fe80::/10 # RFC 4291 link-local (directly plugged) machines

උඩ තියන ලයින් 5 ත් මේ විදියට වෙනස් කරන්න.

acl localnet src 10.0.0.0/8 # RFC1918 possible internal network
acl localnet src 172.16.0.0/12 # RFC1918 possible internal network
acl localnet src 192.168.0.0/16 # RFC1918 possible internal network
acl localnet src fc00::/7 # RFC 4193 local private network range
acl localnet src fe80::/10 # RFC 4291 link-local (directly plugged) machines

දැන් ආයෙ සෙර්වර් එක restart කරන්න.

7. හරියට කරා නම් දැන් ආයෙ ඉන්ටර්නෙට් යන්න පුලුවන් වෙන්න ඕන.

8. දැන් අපි බලමු proxy එක use කරන අයට අනවශය වෙබ් අඩවි වලට යන එක නවත්වන්නෙ කොහොමද කියන එක.
acl CONNECT method CONNECT කියන line එකට පහලින් මේ line එක ලියන්න.

acl blocked_websites dstdomain .facebook.com .yahoo.com
http_access deny blocked_websites

.facebook.com .yahoo.com කියන ඒව තමයි block කරන්න ඕන ඒව.

සෙර්වර් එක restart කරන්න. දැන් මේවට යන්න බැරි නම් වැඩේ හරි. මම මෙච්චරයි කියන්නෙ මේ proxy server එකෙන් තව ගොඩක් වැඩ කරගන්න පුලුවන්.
දවසේ එක නියමිත වෙලාවකට ඉන්ටර්නෙට් බ්ලොක් කරන්න, network එකේ තියන තෝර ගත් user ලාට ඉන්ටර්නෙට් බ්ලොක් කරන්න වගේ ගොඩක් දේවල් කරගන්න පුලුවන් පොඩ්ඩක් මේ අයගෙ වෙබ් අඩවියට ගිහින් බලන්න. අපි ගියා.

  • 0

User avatar
root
Site Admin
 
Posts: 82
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ප්‍රොක්සියක් හදාගමු

Postby root-user » Sun Sep 07, 2014 7:26 am

niyamai :D
  • 0

root-user
 
Posts: 5
Joined: Sun Sep 07, 2014 6:57 am
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to Proxy Servers

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron