
1.ඇන්ඩ්‍රොයිඩ් සඳහා අවශ්‍ය ආම්පන්න......
ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් සඳහා අපට මෙන්න මේ කියන දේවල් ටික ඔන කරනව.
0.1 java development kit (JDK)
0.2 Android software development kit (SDK)
0.3 Net-beans හෝ eclipse වගේ ide එකක් (අපි හාවිතා කරන්නෙ eclipse)
0.4 IDE සඳහා අවශ්‍ය වන අමතර කොටස් ටික (plunges)
1. java development kit (JDK)
අපට අවශ්‍ය කරන්නෙ java 5.0 හරි ඊට ඉහළ version එකක් ඒකත් තමන්ගෙ කම්පියුටර් එකට ගැලපෙන විදියට download කරගන්න.
මේ ලින්ක් එකේ නම් තියෙන්නෙ 7 version එක
http://www.oracle.com/technetwork/java/javase/downloads/java-se-jdk-7-download-432154.html
2. Android software development kit (SDK)
මේ sdk එක පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් download කරගන්න පුලුවන් තමන්ගෙ කම්පියුටර් එකේ තියෙන os එකට අදාල වර්ශන් එක ඩවුන්ලෝඩ් කර ගන්න
http://developer.android.com/sdk/index.html
3. eclipse ide
මේ link එකෙන් download කරගන්න.
http://www.eclipse.org/downloads/packages/eclipse-classic-371/indigosr1
4. plunges කෑලි ටික දාන්න ide එක install කරල ඉන්න ඔන ඒ නිසා එක පස්සෙ කියන්නම්.
**** sdk එක download කරනකොට ADT Bundle එකත් එක්ක තියන එක download කරනව නම් ඒක ඇතුලෙ eclips ide එක තියෙනව එතකොට ඉතින් ide එක ඕපන් කරල developing පටන් ගන්නයි තියෙන්නෙ.*****
මුලින්ම මේ ඔක්කොම දේවල් ටික download කරගන්න. දැන මම කියන පිළිවෙලට ඉන්ස්ටෝල කරන්න. මුලින්ම jdk එක ඉන්ස්ටොල් කරන්න.දෙවනියට eclipse ඉන්ස්ටෝල් කරන්න(extract කරගන්න තියෙන්නෙ).අන්තමට ඇන්ඩ්‍රොයිඩ් sdk එක ඉන්ස්ටෝල් කරන්න.(ලිනක්ස් වලට එන එකේ නම් ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ. හරියටම මතක නෑ වින්ඩෝස් වලට එන එකත් එහෙමද කියල කොහොම වුනත් icon එක ඩබල් ක්ලික් කර ගමන් sdk එක ඔපන් කරගන්න පුලුවන්)
5.දැන් eclips open කරල උඩ මෙනු බාර් එකේ අන්තිමට තියෙන help කියන මෙනු එක තුල තියන install new softwae යන්න click කරන්න.

6.මෙහි ඇති add බොත්තම එබීමෙන් පස්සෙ එන add repository window එකේ name එක android හා location යන්නට පහත සදහන් වෙබ් address එක ලබා දෙන්න.

http://dl-ssl.google.com/android/eclipse/
7.ටික වෙලාවක් ගියහම පහල් තියන විදියට පෙන්නාවි එතනදි ඔය පේන විදියට developer tool හා ndk plugins select කර next කරන්න.

8. මේකත් next කරන්න.

9.මෙතනත් I accept කරල next කරන්න.

10. දැන් වැඩේ ඉවර වෙනකන් පොඩ්ඩක් වෙලා බලන් ඉන්න.

11.ඊළඟට restart කරන්න අහනව ඒකත් කරන්න.
12.දැන් restart වෙලා ide එක ඕපන් වෙනකොට මෙහෙම එකක් අහනව මෙතන පහල් පෙන්නල දීල තියන විදියට තමන්ගෙ computer එකේ ide එක තියන තැන browse කරල දෙන්න.

13.මෙතනදි yes හරි no හරි කැමති එකක් දෙන්න.

14. දැන් sdk managere ඕපන් වෙනව මෙතනදි තමන්ට කැමති android වර්ශන් එකක් සිලෙක්ට් කරගන්න.

15. අදට ඉවරයි ඩිවලොපින් ඉස්සරහට කරමු.







