අපි බලමු කොගොමද tarminal එකේ ඉදන් ජාව වැඩසටහනක් ලියල රන් කරන විදිය.
පොඩි වැඩසටහනක් ලියල ඒක .java යන extension එකෙන් සේව් කරගන්න
////////////////////////වැඩසටහන//////////////////
public class LinuxLanka {
public static void main(String args[]){
System.out.println("Hellow Linux Lanka");
}
}
දැන් මේ file එක තියෙන තැනට ටර්මිනල් එකෙන් ගිහින්
javac LinuxLanka.java කියන කමාන්ඩ් එක රන් කරන්න. දැන් errors තියෙනව නම් පෙන්නනව මුකුත් පෙන්නනෙ නැත්තම් වැඩේ සාර්ථකයි.
javac වලින් කරන්නෙ අපි ලියපු කේතය කම්පයිල් කරල බයිට් කෝඩ් එක හදාගන්න එක. දැන් තියෙනෙ හදාගනිපු වැඩසටහන රන් කරන්න මේකයි රන් කරගන්න තියෙන කමාන්ඩ් එක
java LinuxLanka
මතක තියාගන්න මෙතනදි .java කියන extension එක යොදන්නෙ නෑ කියල. ඔයාල හරියට කරා නම් Hellow Linux Lanka ලෙස ටර්මිනල් එකේ පෙන්නාවි.