ලිනක්ස් Shell Programming පාඩම-කොටස 01

ලිනක්ස් ශෙල් ප්‍රොග්‍රැමින් ගැන ඉගෙන ගන්න.

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 01

Postby root » Tue Jul 16, 2013 10:12 pm

මම දැන් පටන් ගන්න හදන්නෙ ලිනක්ස් පාඩමක්. ගොඩක් සරලව තමයි උගන්නන්නෙ මේකෙ මම වැඩිපුරම කියල දෙන්න බලාපොරොතු වෙන් ලිනක්ස් වල තියෙන shell Command ගැන නෙ.ඔන්න එහෙනම් වැඩෙ පටන් ගත්ත.

01.මුලින්ම බලමු මොකද්ද මේ ලිනක්ස් කියන්නෙ කියල.
සරලවම කිව්වොත් ලිනක්ස් කියන්නෙ පරිඝණක මෙහෙයුම් පද්ධ්තියක්.මේකෙ තියන වැදගත් කම් වලින් කිහිපයක් තමයි

1. මේක අපට ලැබෙන්නෙ සම්පුර්ණ් නොමිලේ විම.
2. මේකෙ කේත(Source Code)නොමිලේ ලබා ගන්න හැකි විම.
3. GNU General Public Licens එක යටතේ තිබිම.


ලිනක්ස් වල තාත්ත හැටියට කියන්න පුලුවන් Unix කියන කෙනා.මෙ Unix වල වයස අවුරුදු 35 විතර වෙනව මේක develop කරේ Bell Labs, MIT & General Electric කියන ආයතන කිහිපය එකතු වෙලා තමයි.ඒ උනට මේක සාර්ථක Os එකක් වෙලා නැහැ.කොහොම කොහොම හරි 1991 දි Linus Torvalds කියන විශ්ව විදයාල ශිෂයා විසින් තමාගෙ පරික්ෂන කටයුතු වලට යොදා ගන්න හදාගනිපු MINIX කියන OS එක තමයි පස්සෙ පස්සෙ linux කියල ගොඩනැගිල තියෙන්නෙ.c කියන පරිඝණක භාෂාව යොදාගෙන තමයි ලිනක්ස් හදල තියෙන්නෙ කියලත් මතක තියා ගන්න.

Unix කියන තාත්ත ගෙන් linux ට උරුම උන දේවල් ගොඩක් තියෙනව බලන්න එ මොනවද කියල.

1.ගොඩක් දුරට C පරිඝණක භාෂාව යොදාගෙන තමයි හදල තියෙන්නෙ.
2.Multi-user/Multitasking/32 or 64 bit Network OS එකක්
3.Development/Programming environment එකකින් සන්නද්ධ් වෙලා තියෙන්නෙ.
4.වෙනස් වෙනස් වර්ග වල Hardware Platform මත වැඩ කරන්න පුලුවන්.
මෙන්න මේ වගේ
Intel x86 processor (Celeron/PII/PIII/PIV/Old-Pentiums/80386/80486)
Macintosh PC's
Cyrix processor
AMD processor
Sun Microsystems Sparc processor
Alpha Processor (Compaq)

කලින් කිව්වෙ ලිනක්ස්ගෙ තාත්ත ගැන නෙ දැන් කියන්නෙ Linux ගෙ දරුවො ගැන linux ගෙ පවුලෙ දරු පැටව් ගොඩක් ඉන්නව.අපි බලමු කවුද මේ දරුවො කියල.බලන්න පහල තියන පින්තුරෙ දිහා හිතා ගන්න පුලුවන් නෙ කොයි තරම් ලොකුද කියල පවුල. දරුවන්ගෙ දරුවොත් ඉන්නව.මෙයාලට දරුවො කියන්නෙ ඇයිද දන්නවද ? මෙයාල එකිනෙකට වෙනස් උනත් හැමෝවම හදල තියෙන්නෙ Linux kernel එක use කරල kernel එක කියන්නෙ මොකද්ද කියල ඉස්සරහට කියල දෙන්නම්.

http://upload.wikimedia.org/wikipedia/c ... meline.svg

ඔයාල කමති Linux distributions. එකක් තෝර ගන්න වැඩ කරන්න මම නම් ඉතින් උබුන්ටු තමයි.
පහල තියෙනව මේ කාලෙ ජනපියම os ටික තමන්ට කැමති එකක් තොරල ඉන්ස්ටෝල් කරගන්න. අදාල web site එකට ගියහම නොමිලේම මේව Download කරගන්න පුලුවන්.


2. Linux අපට මොන විදියටද භාවිතා කරන්න පුලුවන්.

1.Personal Work- සින්දු අහන්න ලියුම් ලියන්න වගේ වැඩ වලට.
2.Web Server- වෙබ් සේවර් එකක් විදියට.
3.Software Development Workstation- සොෆ්ට්වෙයා වැඩ වලට.
4.Workgroup Server- workgroup සේවර් එකක් විදියට.

5. FTP, Telnet, SSH, Web, Mail, Proxy, Proxy Cache Appliance මෙන්න මේවගේ දත්ත සේවා වැඩ වලට.
තව මෙකී නොකී ගොඩක් දේවල් කරගන්න පුලුවන්.

3.මොකද්ද මේ කර්නල් එක කියන්නෙ ?

ලිනක්ස් os එකක හදවත වගේ කොටස තමයි අපි kernel කියල හදුන්වන්නෙ.ඒකෙන් තමයි ලිනක්ස් වල තියෙන සම්පත් පාලනය කරන්නෙ සම්පත් කිව්වෙ රන් රීදී මුත මැණික් වගේ එවට නෙවෙයි.තියෙන පහසුකම් වලට තවත් තේරෙන්න කිව්වොත් memory,file පාලනය,දත්ත තැන්පත් කිරීම,Hardware Device එකක් පාලනය කිරීම වගේ දේවල්.

මේ කර්නල් එක සුලු පටු එකක් නෙවෙයි. ලයින් මිලියනන 13ක් තියෙන code එකක්.කර්නල් එක තමයි කම්පියුටරේ Hardware interface එකත් එක්ක කෙලින්ම සෙට් වෙන එක්කෙනා user ඒ කියන්නෙ අපි කරන්න කියන ඉල්ලිම් (Applications හෝ Shell මගින් ) මුලින්ම ලැබෙන්නෙ kernel ට එයා තමයි ඒව hardware interfae(physical hardware) Layer එකට ලබාදෙන කෙනා.තවත් විදියකට කිව්වොත් kernel එක තමයි කව්ද සම්පත් use කරන්නෙ කොයි තරම් වෙලාවකටද කොහේදිද කියල තීරණය කරන්නෙ.
පහල තියෙන පින්තූරෙ බැලුවහම ඒක තේරේවි.

Image

ප්‍රධාන වශයෙන් කර්නල් එකෙන් මෙන්න මේදේවල් කරනව.

I/O management
Process management
Device management
File management
Memory management

ඊළඟ පාඩම ඉදිරියේදී බලා පොරොත්තු වන්න.


  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ලිනක්ස් Shell Programming පාඩම-කොටස 01

Postby root-user » Sun Sep 07, 2014 7:33 am

hoda padamak . godak aluth deewal tibba :D
  • 0

root-user
 
Posts: 5
Joined: Sun Sep 07, 2014 6:57 am
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to Shell Programming

Who is online

Users browsing this forum: No registered users and 0 guests

cron