ලිනක්ස් Shell Programming පාඩම-කොටස 02

ලිනක්ස් ශෙල් ප්‍රොග්‍රැමින් ගැන ඉගෙන ගන්න.

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 02

Postby root » Thu Jul 18, 2013 6:34 am

3.මොනවද මේ linux Shell කියන්නෙ.
දන්නවනෙ කම්පුටෙර්ට තේරෙන්නෙ දෙකේ පාදයේ සංඛ්‍යා විතරයි කියල. ඒ නිසා කම්පියුටරේ
එක්ක ගනුදෙනු කරන්න binary language එක දැන ගන්න ඕනනෙ. ඒ කාලෙ අය නම් ඔය language එක මගින් වැඩ අරගෙන තිබුන. ඒ උනත් ඒක පට්ට අමාරුයි.ඒකෙන් ලියන්නයි කියවන්නයි ගියහම පිස්සු හැදෙනව.ඉතින් මේ නිසා කම්පියුටර් os එක ඇතුලෙ ඉන්න shell කියල එකෙක් (Program එකක් කියල මතක තියගන්න )භාවිතා කර ගත්ත වැඩ කරව ගන්න. ඉතින් අපි මේ shell කියන කෙනාට ඉංග්‍රිසියෙන් දෙන Command එයා කම්පුටර් එකට තේරෙන විදියට හදල ඒව කර්නල් ලොක්කට දෙනව. Shell එකක් User program එකක් හරි User ගෙ අන්තර් ක්‍රියා වලට සහය සලසල දෙන එකක් කියල කියන්න පුලුවන්.සරලවම කියනව නම් අපි keybord එකෙන් දෙන(standard input device එකකින්) Commands හරි මොකක් හරි file එකක තියන Commands හරි පරිවර්තනය කරල ක්‍රියාවට නංවන්න කර්නල් එකට යවන කෙනෙ කියල හදුන්වන්න පුලුවන්.
මතක තියාගන්න ඔන shell කියන්නෙ කර්නල් එකේ Part එකක් නෙවෙයි කියල ඒක කරන්නෙ කර්නල් එක use කරල Commands රන් කරවන එක කියල.

Shell වර්ග කිහිපයක්ම තියනව linux වල අපි බලමු ඒ මොනවද කියල.

1.BASH ( Bourne-Again SHell )
Developed කරල තියෙන්නෙ-Brian Fox and Chet Ramey කියන අය.
Where -Free Software Foundation
මේ වර්ගය තමයි නොමිලේ ලබාදෙන පොදු Shell වර්ගය.

2.CSH (C Shell)
Developed කරල තියෙන්නෙ-Bill Joy කියන කෙනා
Where -University of California (For BSD)
මේක syntax එක ගොඩක් දුරට C භාෂාවට සමානයි.

3.KSH (Korn Shell)
Developed කරල තියෙන්නෙ-David Korn කියන කෙනා
Where -AT & T Bell Labs


දැන අපි බලමු අපේ කම්පුටර් එකේ තියෙන්නෙ මොන ජාතියෙ Shell ද කියල. Terminal එක open කරල මෙන්න මෙ කමාන්ඩ් එක type කරන්න එතකොට දැනට කම්පියුටරේ තියන ඔක්කොම shell වර්ග ටික පෙන්නනව.

කමාන්ඩ් එක – cat /etc/shells

Image

උඩ පින්තූරෙ තියෙන්නෙ මගේ කම්පියුටරේ තියෙන shell වර්ග ටික. මෙතන මම කලින් කිව්වට වඩා ගොඩක් වර්ග තියෙනව මේ හැම එකකින්ම වගේ කෙරෙන්නෙ ගොඩක් දුරට එක සමාන දේවල් ඒත් එක එක shell වල syntax එක වෙනස් වෙනව ඒ වගේම තියෙන functions එහෙමත් වෙනස් වෙන්න පුලුවන්.

ඔයාල දන්නවනෙ MS-Dos ගැන ඒකෙත් තියෙනව COMMAND.COM කියල shell එකක් ඒකත් යොදාගන්නෙ මේ වගේ වැඩ වලටම තමයි.ඒත් මතක තියාගන්න ඕන linux වල තියන shells ලගින් වත් ඒක තියන්න බැරි බව. ලිනක්ස් වල තියන shells වලින් එයිට වඩා ගොඩක් දේවල් කරන්න පුලුවන් බව.

Shell ගැන ආයෙමත් කිවිවොත් shell කරන්නෙ user තමන්ට කරගන්න ඔන කියල ලබාදෙන Commands මෙහෙයුම් පද්ධතියට (os එකට ) ලබා දෙන එක.මම හිතනව ඔයාලට දැන් shell කියන්නෙ මොනවද ඒවයින් වෙන්නෙ මොකද්ද කියල යම් තරමක තේරුමක් ලැබෙන්න ඇති කියල .මම දැන් තව command එකක් දෙනව ඒකෙන් පුලුවන් දැනට ඔයාගෙ කම්පියුටර් එකේ සාමාන්‍ය භාවිතයේ පවතින shell එක මොකද්ද කියල බලා ගන්න.

මෙන්න Command එක - echo $SHELL

Image
  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Return to Shell Programming

Who is online

Users browsing this forum: No registered users and 0 guests

cron