ලිනක්ස් Shell Programming පාඩම-කොටස 05

ලිනක්ස් ශෙල් ප්‍රොග්‍රැමින් ගැන ඉගෙන ගන්න.

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 05

Postby root » Tue Aug 20, 2013 6:06 am

9.Shell Script

shell script එකක් රන් කරන ආකාරය..
අපි ලියාගනිපු shell Script එකක් ක්‍රම 3 කින් රන් කරවන්න පුලුවන්

1. bash ස්ක්‍රිප්ට් එකේ නම
2. sh ස්ක්‍රිප්ට් එකේ නම
3. ./ස්ක්‍රිප්ට් එකේ නම

උදාහරණයක් විදියට cake කියල නම තියෙන ස්ක්‍රිප්ට් එක රන් කරන ආකාරය බලමු.

1.bash cake
2. sh cake
3. ./cake

කලින් කියපු 3වන ක්‍රමයෙ ./ කියන කේ අදහස තමයි current directory කියන එක ඒ කියන්නෙ අපි දැනට ඉන්න directory එකේ තියන එකක් තමයි රන් කරවන්නෙ කියල. (.) ඩොට් එක විතරක් ගත්තොතින් ඒකෙ තේරුම අපි පහල තියෙන විදියට . එක විතරක් යොදාගෙන shell එක රන් කෙරෙව්වොතින් shell එකේ copy එකක් හදන්න එපා කියල(ටෙම්පරි හදන්න එපා කියන එක).

. shellname (. එක හා ශෙල් name එක අතරෙ space එකක් තියෙනව)

ඔන්න දැන් අපි අපේ මුල්ම shell Script එක ලියල රන් කරවන්නයි හදන්නෙ. මුලුන්ම ඔයාලගෙ කැමතිම text editor එකක් අරගෙන පහල තියෙන දේවල් ටික හරියටම ඒ විදියට ලියා ගන්න.මම නම් ගන්නෙ උබුන්ටු වල තියන gedit කියන text editor එක.

$ gedit my
#
# This is My first shell Script
#
clear
echo "mad Terminal"

මේක ලියල කොහෙට හරි save කරගන්න මම නම් save කරේ Desktop එකට.
ඊළඟට permission හදන්න
chmod 755 my.txt
කියල දෙන්න දැන් ./my.txt කියල දීල script එක රන් කරවන්න.වැරදීමක් උනේ නැත්තම් මේක අවුලක් නැතුව රන් වෙනව.ඊ ළඟට බලමු දැන් ලියපු එකේ තියෙන වැඩ කෑලි මොනවද කියල.

පුරුදු වෙන්නත් එක්ක මේක හැම ක්‍රමේකටම රන් කරල බලන්න.

1. මුලින්ම තියෙන $ gedit my කියන එකෙන් කියෙන්නෙ gedit කියන editor එක start කරවන්න කියල.
2. මොකක් හරි දෙයක් ලියල ඒක ඉස්සරහින් # කියල දැම්මොත් ඒ ලියපු එක Comment එකක් කියල අපි හදුන්වනව. ඒ ලියපු එකෙන් script එකට කිසිම බලපැමක් නෑ මේව යොදාගෙන අපට පුලුවන් script එක ගැන වැඩි විස්තර ඒක ඇතුලෙම අන්තර් ගත කරල තියන්න.එතකොට පස්සෙ කාලෙක බලන කෙනක්ට උනත් ඒ ගැන තේරුම් ගන්න පුලුවන් ලේසියෙන්ම.නිකමට උඩ ලියපු shell එකේ clear හා echo කියන ඒව ඉස්සරහිනුත් # දාල බලන්න එතකොට ඒව රන් වෙන්නෙ නෑ කියල ඔයාලට පෙනෙයි.

3. clear මේ command එකෙන් වෙන්නෙ terminal එක clear වෙන එක
4. echo "mad Terminal" මේකෙන් තමයි mad Terminalකියල print වෙන එක වෙන්නෙ echo වලින් පුලුවන් variable value(variable එකක් කියන්නෙ Computer Ram එකේ හදාගන්න මෙමරි space එකක් ) එකක් හරි Message එකක් හරි Screen එකේ print කරවන්න.

අපි කලින් කරපු shell programm එක save කරේ my.txt කියලනෙ සාමාන්‍යයෙන් shell Script එකක් save කරනකොට අගට .sh කියල save කරන්න (my.sh වගේ) එතකොට ඒක අදුරගන්න පුලුවන් ලේසියෙන් මෙතන ඉදන් ඉස්සරහට කරන ඔක්කොම ඒ විදියට save කරන්න.


පුරුදු වෙන්නත් එක්ක ඔයාලත් මේව කරල බලන්න.

01.
#####################################
$ gedit my
#
# This is My 2nd shell Script
# Print multipal Lines using echo
clear
echo "mad Terminal 1"
echo "mad Terminal 2"
echo "mad Terminal 3"

#####################################

02.
####################################################



###################################################
$ gedit my
#
# This is My 3rd shell Script
# Print Stars using echo
clear
echo "*"
echo "**"
echo "***"
echo "****"
echo "*****"
echo "******"


03.
#####################################


$ gedit my
#
# This is My 2nd shell Script
# Print multipal Lines using echo
clear
echo "mad Terminal $USER"
echo "mad Terminals date \c" ;date
echo "User info : \c" ; who | wc -l
echo "Calendar"

cal
exit 0


Comment එකක් දාල යන්න.
  • 0

User avatar
root
Site Admin
 
Posts: 83
Joined: Mon Jul 15, 2013 3:46 pm
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0

Re: ලිනක්ස් Shell Programming පාඩම-කොටස 05

Postby root-user » Tue Sep 09, 2014 7:48 am

tawa liyannooooooo :shock:
  • 0

root-user
 
Posts: 5
Joined: Sun Sep 07, 2014 6:57 am
Has thanked: 0 time
Been thanked: 0 time
Reputation: 0


Return to Shell Programming

Who is online

Users browsing this forum: No registered users and 0 guests

cron